පායා නැගී ඒවි රන් තාරකා | Paya Nagi Ewi Ran Tharaka


පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා//...

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා//
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා..
සේපාලිකා//...

රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා//
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
සේපාලිකා//...

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා//...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - උබේනන්ද දිසානායක
සංගීතය - සිරිල් පෙරේරා


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana