මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ | Marathondiya Rata Adi Athe kakulu hithe
මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා //
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
Comments
Post a Comment