මගෙ දුවේ ඔබ අවදියෙන් නම් | Mage Duwe Oba Awadiyen Nam
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවනට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ලොව dදුන්නු දේවල් අද අපිට හෙට ,යළි lලොවට පෙරළා දිය යුතුයි .........
ReplyDelete