මාතොටින් එන උතුරු හුළඟේ | Maa Thotin Ena Uthuru Hulange
මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ
කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවි ද සෙනෙහසින්
මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්න ද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්

සරෝජා මගෙ දෝණියේ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - මහින්ද චන්ද්‍රසේකර

Comments
Post a Comment