කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා | kate kiri suwanda yannata pawa bari una
කටේ කිරි සුවඳ යන්නද බැරි වුණා
යුදට උපන් කුමරා යැයි පතළ වුණා
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරා යැයි නමක් ඇති වුණා
නිතරැ නිතරැ සීතාවක රණ බෙර නැඟුණා
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා
රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා
එක් වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා
රාජ සිංහ දෙවි නාමේත් ගියා නැති වුණා
යුදට උපන් කුමරා යැයි පතළ වුණා
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරා යැයි නමක් ඇති වුණා
මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා
නිතරැ නිතරැ සීතාවක රණ බෙර නැඟුණා
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා
රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා
එක් වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා
රාජ සිංහ දෙවි නාමේත් ගියා නැති වුණා
ගායනාව : ධර්මදාස වල්පොළ
පද රචනය : අරිසෙන් අහුබුදු
චිත්රපටය : සංදේශය (1960)
Comments
Post a Comment