අතීතය සිහිනයක් පමණයි | Atheethayak Sihinayak Pamanai
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නැ...
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ...//
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නැ...//
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නැ...
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නැ...
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නැ...//
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නැ...
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නැ...
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පල්ලේගම හේමරතන හිමි
සංගීතය : නාලක අංජන කුමාර
Comments
Post a Comment