Posts

Showing posts from March, 2020

සන්සුන් රුවන් හද මන්දිරයේ | Sansun ruwan hada mandiraye

Image
සන්සුන් රුවන් හද මන්දිරයේ සන්සුන් රුවන් හද මන්දිරයේ...... ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ රන්වන් එරන්වන් යෞවනියේ රන්වන් එරන්වන් යෞවනියේ.... සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි සන්සුන් රුවන් හද මන්දිරයේ සන්සුන් රුවන් හද මන්දිරයේ..... ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ සංගීතයක් අප දෙහදේ නැගේ ගීයක් ගයා හොඳ තනුවක් සදා.. හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා රන්වන් එරන්වන් යෞවනියේ රන්වන් එරන්වන් යෞවනියේ.... සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ සන්සුන් රුවන් හද මන්දිරයේ සන්සුන් රුවන් හද මන්දිරයේ..... ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ

සතුට විලයි සැපත මලයි | Sathuta wilay sapatha malay

Image
සතුට විලයි සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි// පමා උනොත් මල පරවෙයි // ඉරට යටින් හඳට යටින් // කාලය පැන යනවා .. කාලය පැන යනවා ... මළ ඊයෙට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ// කදුළයි ඉකියයි ඇයි පිළිගන්නේ හිනාව ආවම කොතැනද ඉන්නේ// මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ// සතුට විලයි සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි// පමා උනොත් මල පරවෙයි// ඉරට යටින් සඳට යටින්// කාලය පැනයනවා කාලය පැනයනවා පද රචනය :නිමල් වික්‍රමසේකර තනුව හා සංගීතය :ජයතිස්ස අලහකෝන් ගායනය :දේවානන්ද වෛද්‍යසේකර (සිනමාපටය - දහසක් සිතිවිළි)

සිහින ලොවක් දුටුවා මතකයි | Sihina lowak dutuwa mathakay

Image
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැඳුණා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුණා මතකයි සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි පද රචනය :තනුව හා සංගීතය :ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන

රත්තරන් නෙත් දෙකින් | Raththaran neth dekin

Image
රත්තරන් නෙත් දෙකින්.. සලා සිහිල් පවන්.. ජීවිතේ ලසෝ තැවුල්.. නිවන්න රත්තරන්...// තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ.. ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ.. පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ.. මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ.. රත්තරන් නෙත් දෙකින්.. සලා සිහිල් පවන්.. ජීවිතේ ලසෝ තැවුල්.. නිවන්න රත්තරන්// මාරුතේ හමා වනේ මල් උයන් දිගේ.. පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ.. වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ.. ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ.. රත්තරන් නෙත් දෙකින්.. සලා සිහිල් පවන්.. ජීවිතේ ලසෝ තැවුල්.. නිවන්න රත්තරන්...// ගායනය : කුලරත්න ආරියවංශ තනුව හා සංගීතය : එච්.එම් ජයවර්ධන ගායනය : ටී.එම් ජයරත්න

කිරි අම්මාවරු දනට වඩිනවා | Kiri ammawaru danata wadinawa

Image
කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නො අසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නෙත නිදි වරමින් කැත කුණු අතගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුදු කුසයේ හොවමින් බිහිකර ඇඟ ලේ කිරි කර නැත පොවලා කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නො අසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස මව් පදවිය නැත මා පතලා මතු භවයේ මා දනට වඩින්නම් නුඹ බිහි කර කිරි මව වීලා කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නො අසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා ගායනය : චන්ද්‍රලේකා  පෙරේරා

වළා අතුල සිරියහනේ | Wala Athula Siri Yahane

Image
වළා අතුල සිරියහනේ උණුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැලැවෙන ලතා මඬුල්ලේ ලැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා... ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එලියෙන් නලියනවා... නොදරුවෙකු අතින් බොඳවුන සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දස අත රටා වියනවා... කිරිවැදී නටන ගොයමට මීදුමින් වැටී පිණිකැට රන්දමක් ලෙසින් ගෙල වට රනින් දිලෙනවා... හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා... වළා අතුල සිරියහනේ උණුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැලැවෙන ලතා මඬුල්ලේ ලැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ගායනය : අමරසිරි පීරිස් පද රචනය : සුනිල් රත්නායක සංගීතය : ප්‍රේමසිරි කේමදාස (සුනිල් රත්නායකයන්ගේ "දළ රළ පෙල" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)

සඳගල තැන්නේ පාමුල | Sadagala Thanne

Image
ආ මග වැරදී යන මං නොපෙනේ තනිවී දෙවිඳුන් නැති දෙවොලේ.. කව්රු යදින්නද කව්රු පතන්නද හිරු සඳුවත් නැති මිහිමඬලේ සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...// ගායනය - විශාරද අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා සංගීතය - නවරත්න ගමගේ පද රචනය - වසන්ත කුමාර කොබවක (සඳගලතැන්න රූපවාහිනි ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)

ලඳුනේ ලඳුනේ | Ladune

Image
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කදට දෝස විදින ලඳුනේ අදුරේ පව් කරන දනා එළිය ලබන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ ගායනය - අමරසිරි පීරිස් පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න සංගීතය - ප්‍රේමසිරි කේමදාස

මේ ආලවන්ත වීදියේ | Me alawantha veediye

Image
ආලවන්ත වීදියේ මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල් වල නෙක විසිතුරු සල්පිල් වල සිහින තියෙන්නේ ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ මේ ආලවන්ත වීදියේ සොඳුරු වුනත් පාට හීන වැඩි මිල නෑ හරි ලාබෙට ගන්න තියෙන්නේ පරිස්සමින් නොගත්තොතින් සිහින බි‍ඳෙන්නේ මේ ආලවන්ත වීදියේ මේ ආලවන්ත වීදියේ නුරා ළඳුන් නෙතඟ බැලුම් වැඩි මිල නෑ අතමානෙම ගන්න තියෙන්නේ පරිස්සමින් නොගත්තොතින් දෑස රිදෙන්නේ මේ ආලවන්ත වීදියේ්‍ මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල් වල නෙක විසිතුරු සල්පිල් වල සිහින තියෙන්නේ ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ ගායනය - අමරසිරි පීරිස් සංගීතය - සුරේෂ් මාලියද්ද ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර

විහඟ ගීතය නිහඬ ඇයි | Vihanga geethaya

Image
විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා ලදළු මැලවී තුරු ලතා තැති ගැනී සිරස සරසන මලක්වත් නැහැ පිපී අඳුර රජවී අනේ දුනු හි ඇනී නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා කඳුළු වගුරා පහුරු ගා දෙස් තියා ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා පියාඹන්නට නාද දී නිදහසේ විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා ගායනය - අමරසිරි පීරිස්, මාලිනී බුලත්සිංහල සංගීතය - එච්.එම්. ජයවර්ධන ගී පද - නිලාර් එන්. කාසිම්

සක්මන් කරන මළුව පාළුයි දේවී | sakman karana maluwa palui devi

Image
සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ // රන් තරු දෑස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ // ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව සංගීතය - ගුණදාස කපුගේ ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

දුහුල් මාරුතේ |Duhul Maruthe

Image
ස්වප්නා...ස්වප්නා... දුහුල් මාරුතේ වෙලි මා ගතේ... පෑතුම් මොදු විලා සෑදෑ යාමයේ... හෑගුම් මාවතේ තුරුල්වි හදේ... මවා ගත්ත ලෝකේ හෑබෑවි මගේ.. ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ... දෝරේ යයි ආදරේ.. ස්වප්නා...ස්වප්නා... ස්වප්නා...ස්වප්නා... ඉටි රුපේ හෑඩ නෑනේ කවදාවත් ඔබ වගේ.. සුදු මුනේ පෙම වෑහේ හෑමදාමත් මගේ වාරේ.. හිත් දේකක් ලන් වෙලා කල්පයක් වගේ රත්තරන් ආදරයේ.. ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ... දෝරේ යයි ආදරේ ස්වප්නා...ස්වප්නා... ස්වප්නා...ස්වප්නා... සද පානේ තරු පාරේ ඈවිදින්න යන් එක රෑනේ නොසිතු සේ දුක ශෝකේ හිමි වුවත් සන්සාරේ ඈත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ පාලු නෑ මේ දිවියේ.. ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ... දෝරේ යයි ආදරේ.. ස්වප්නා...ස්වප්නා... ස්වප්නා...ස්වප්නා... ගායනය : දසුන් මදුෂාන් , ශානිකා මදුමාලි

මාතොටින් එන උතුරු හුළඟේ | Maa Thotin Ena Uthuru Hulange

Image
මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින් කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවි ද සෙනෙහසින් මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින් මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්න ද ඒත් යන්නට වෙයි ඉතින් වරක් දැක සිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන් මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ සරෝජා මගෙ දෝණියේ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - මහින්ද චන්ද්‍රසේකර

මේ මිහිමඩලේ | Me Mihi Madale

Image
මේ මිහිමඩලේ සාමයෙ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ මේ මිහිමඩලේ ඔබ අත දුන මැනවි මා අත ගනු මැනවි අත්වැල් බන්දා මෙත් සිත් රන්දා අත්වැල් බන්දා මෙත් සිත් රන්දා අප යන ගමනට එක්වනු මැන ඔබ පාද යාත්‍රාවේ මේ මිහිමඬලේ සාමයෙ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ මේ මිහිමඩලේ යුද බිම මල් අතුරා ලොවම මලින් සරසා මිනිස් සුගන්දේ සිත් ආනන්දේ මිනිස් සුගන්දේ සිත් ආනන්දේ ඒ මල් යායට එක්වනු මැන ඔබ පාද යාත්‍රාවේ මේ මිහිමඬලේ සාමයෙ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ මේ මිහිමඩලේ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සංගීතය - රෝහණ වීරසිංහ පද - ධර්මසිරි ගමගේ

සිනා පොදක් වී ඔබගේ දෑසේ | Sina Podak Vi Obage Dase

Image
සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි..// සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ අත්වැල වන්නට පැතුම් පැතූ මා..// මිරිඟුව දක්වා - නෙතු යුග රවටා.. වල්මත් කරදා සැඟව ගියේ ඇයි.. වල්මත් කරදා සැඟව ගියේ ඇයි.. මල් කැකුලක්සේ ඔබ හද උයනේ.. විකසිත වන්නට සැරසී උන් මා..// සිතගිණි අවුලා - පියවර අහුරා.. අසරණ කරදා ඉවත ගියේ ඇයි.. අසරණ කරදා ඉවත ගියේ ඇයි.. සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි සිනා පොදක් වී ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පද රචනය : කුලරත්න ආරියවංශ සංගීතය : රෝහණ වීරසිංහ

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් | Shanthni Thema Watei Nalala Kunkumam

Image
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං // කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං// ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සංගීතය - ගුණදාස කපුගේ ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික | Minindoru Kanthoruwe Muladani tika

Image
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සංගීතය - එච්.එම්. ජයවර්ධන ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ | Pem Kawak Liyu Numba Sith Ahase

Image
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...// නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...// යලි එන්නනම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්.. පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසම්...// සඳ එලිය පොළොවටයි හිමිවූයේ.. සඳ අහසෙ රැදුනාට රත්තරනේ... පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සංගීතය - නන්දසේන කටුවාවල ගී පද - සුරම්‍යා මාපිටිය

වහින්නට හැකි නම් ගිගුම් දී | Wahinnata Haki Nam Gigum Dee

Image
වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින්.. රැදෙන්නට හැකිනම් ළමා කැළ.. හඬන දෙතොළඟ සිනාවක් වී.. පිපෙන්නට හැකිනම් තුරින් තුර.. නෙළා ගත හැකි වන මලක් වී.. වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින් නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සැබෑවන සුභ සිහිනයක් වී.. ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පූබුදන ගීතයක් වී.. වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින් ගායනය : විශාරද නන්දා මාලනී පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය : සුනිල් දයානන්ද කෝනාර

උතුරින් එන දුම්රියෙ දේවී | Uthurin Ena Dumriye

Image
උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා // මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ// ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා ගම හැරදා නුඹ ගියදා කෝවිල් යන හිත වැළපෙන්නේ// අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනා සිසී ඔබ බිමට බසින්නේ උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා ගායනය - කරුණාරත්න දිවුල්ගනේ ගී පද - මහින්ද චන්ද්‍රසේකර සංගීතය - ගුණදාස කපුගේ

කවිය ඔබ | Kawiya Oba

Image
කවිය ඔබ...තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි.. සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ... කවිය ඔබ... පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා ඔබ ලියූ කවි කියවා මන් අසරණව උන්නා යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකිගසා හැඩුවා කවිය ඔබ...තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි.. සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ... කවිය ඔබ... හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා කවි පොතම පොඩිකරලා නිදියන්න මට සිතුනා යෞවනේ.... අත ළඟින් හිඳිනා මොහොතක දුර ඈත බව දැනුනා කවිය ඔබ...තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි.. සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ... කවිය ඔබ... ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පද රචනය: සුනිල් ආර් ගමගේ සංගීතය: රෝහණ වීරසිංහ

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි | Hada Wela Yaman Pane

Image
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි // ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි // හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි // ගාල්ලට යඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි උඹට කරට ඔබින මුතු දෙපටක් ගෙනල්ල දෙඤ්ඤයි // හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි // ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සංගීතය - ගුණදාස කපුගේ ගී පද - මහින්ද චන්ද්‍රසේකර

දුර ඈත වුවද ගතිනා | Dura Atha Uwada Gathina

Image
දුර ඈත වුවද ගතිනා.. ලඟ පාත නොවෙද සිතිනා.. ඇලපාත මුදලි මං.. මද හාස නගන් ගජමන් නෝනා..// දුර ඈත වුවද ගතිනා.. ලඟ පාත නොවෙද සිතිනා.. ඇලපාත මුදලි මං.. මද හාස නගන් ගජමන් නෝනා..// පුන්සඳ ලෙද කළුවර යහනේ.. පුන්සිසිවත කඳුළින් තෙමුනේ..// තහනම් ද සතුට ලදුනේ.. මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි.. මද හාස නගන් ගජමන් නෝනා... රන් රස සේ ගැලපෙන සේමා.. දුන් රස කව් රස විඳ බෝමා...// නොබැදෙම් ද පෙමින් කෝමා.. අමනාප කිමැයි - උදහාස කිමැයි.. මද හාස නගන් ගජමන් නෝනා... දුර ඈත වුවද ගතිනා.. ලඟ පාත නොවෙද සිතිනා.. ඇලපාත මුදලි මං.. මද හාස නගන් ගජමන් නෝනා මද හාස නගන් ගජමන් නෝනා ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : යමුනා මාලිනී පෙරේරා

නෙතට උළෙලක් විය එදා ඔබ | Nethata Ulelak Viya Eda Oba

Image
නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..// ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැකි හින්දා ඔබේ සිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා... නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ඔබේ රුව රසදුනක් වූවට කමක් නැ මට තවත් ඇසකට... නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිතිවෙනු බෑ දරාගන්නට... නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : මහින්ද දිසානායක සංගීතය : ගුණදාස කපුගේ

මගෙ දුවේ ඔබ අවදියෙන් නම් | Mage Duwe Oba Awadiyen Nam

Image
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළව කොතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවෙයි මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ගණ කළුවරට අප පෙම් කලොත් ඉර හඳ තරුවනට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ගායනය - කරුණාරත්න දිවුල්ගනේ පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - රෝහණ වීරසිංහ

මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ | Marathondiya Rata Adi Athe kakulu hithe

Image
මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා මරතොණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා // ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සංගීතය - ගුණදාස කපුගේ පද රචනය - මහින්ද චන්ද්‍රසේකර

අතීතය සිහිනයක් පමණයි | Atheethayak Sihinayak Pamanai

Image
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැ... එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ...// තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නැ...// සිනහවෙන්නට වරම් නොලදත් හිතේ කිළුටක් නැ... අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැ... එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ...// ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැ... අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැ... එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : පල්ලේගම හේමරතන හිමි සංගීතය : නාලක අංජන කුමාර

පායා නැගී ඒවි රන් තාරකා | Paya Nagi Ewi Ran Tharaka

Image
පායා නැගී ඒවි රන් තාරකා මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන් දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා නාඬා ඉතින් ඉන්න සේපාලිකා.. සේපාලිකා//... දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී තනිව හඬනා රැයේ හදට දී වේදනා// එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න දුර ඈත සිට එන්න සේපාලිකා.. සේපාලිකා//... රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා// කඳුල පිස ලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින් එන්න සේපාලිකා.. සේපාලිකා//... පායා නැගී ඒවි රන් තාරකා මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන් දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා නාඬා ඉතින් ඉන්න සේපාලිකා.. සේපාලිකා//... ගායනය - කරුණාරත්න දිවුල්ගනේ පද රචනය - උබේනන්ද දිසානායක සංගීතය - සිරිල් පෙරේරා

අන්දර යායේ වැව්තාවුල්ලේ | Andara Yaye Waw Thawalle

Image
අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී...// වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා...// දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ කඳුලැලි සලනා.. අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා...// ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට එන මං තැනුවා... අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : කුමාර ලියනගේ සංගීතය : රෝහණ ධර්මකීර්ති

සුළඟ නුඹ වගෙයි | Sulaga numba wagei

Image
සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි.. වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි... සිත තනිකලෙත් නුඹයි.. පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි.. නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි.. සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි.. වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි... සිත තනිකලෙත්  නුඹයි.. මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි.. ඒත් නුඹෙන් සිත නොබිදේ පුදුමයක් තමයි.. සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි.. වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි... ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : යමුනා මාලනී පෙරේරා සංගීතය : ගුණදාස කපුගේ

ඔබ හීනයක් වගේ | Oba hinayak wage

Image
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි...// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරා මම මඟ බලා සිටියා... නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි සිතා... සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා... ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි මේඝ දුක් හද රැදුනා සඳ එළිත්  නිවුනා අඳුර මැද තනිවී පහන් දොරකට සවන් දොර හැරුනා තරු ඇසත් පිපුණා... සඳ ලබන්නී මා... සරා සඳ ලඟ මා... තරු ඇසත් පිපුණා... සඳ ලබන්නී මා... සරා සඳ ලඟ මා.. ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය : රෝහණ වීරසිංහ

ජය සිරි මා හාමුදුරුවනේ | Jaya siri ma hamuduruwane

Image
ජය සිරි මා හාමුදුරුවනේ (ජය සිරි මා හාමුදුරුවනේ) දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා ගිනි මැල ගහගෙන රැක හිටියා එහෙව් අපට අද​ එන්න තහංචිද​ ජය සිරි මා හාමුදුරුවනේ.... වැලි මලුවේ හිඳ සාදු කියන කොට​ අහිතක් නොහිතා ඉන්න හොඳයි ඉස්සර වාගෙම දාඩිය මුහු වුනු අපේ බාර පිලිගන්න හොඳයි ජය සිරි මා හාමුදුරුවනේ (ජය සිරි මා හාමුදුරුවනේ) රන් වැට පාමුල සාදු කියන කොට​ ලෙංගතු කම් නොහිතණ් ඩ හොඳයි බුදු හාමුදුරුවො දුටුවා වාගේ දුක ඉවසා වැඩ ඉන්න හොඳයි... ජය සිරි මා හාමුදුරුවනේ (ජය සිරි මා හාමුදුරුවනේ) දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා ගිනි මැල ගහගෙන රැක හිටියා එහෙව් අපට අද​ එන්න තහංචිද​ ජය සිරි මා හාමුදුරුවනේ.... ජය සිරි මා හාමුදුරුවනේ ජය සිරි මා හාමුදුරුවනේ ජය සිරි මා හාමුදුරුවනේ.... ජය සිරි මා හාමුදුරුවනේ ගායනය :  දීපිකා ප්‍රියදර්ශනී

අහස නුඹ මෙතරම් සැඩ යැයි | Ahasa nuba metharam sada yai

Image
අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි..// රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද// නේක මල් සදනා පොළොවට නපුරු සිත් කොයිඹින් ලැබුනිද... අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි නීල ඉදුවර පෑ අහසට කදුළු වැසි දුන්නේ කවුරුද...// පලා පෑ ඉසි ලූ මිහිමත නියන් ඇති රූ වුයේ කවුරුද... අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

දුරු කතර ගෙවාගෙන | Duru kathara gewagena

Image
දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ // දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා උඹෙ කතා කරන දෑස මතක් වෙලා දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ මහ මැදුරු උඩින් පුරහඳ පායලා උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ සංගීතය: එච් එම් ජයවර්ධන ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

රුවක් ඇදෙනවා කවුදෝ එනවා | Ruwak adenawa kaudo enawa

Image
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ...// නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා...// අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා.. රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... ගායනය : ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : මහින්ද දිසානායක සංගීතය : ගුණදාස කපුගේ

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා | Gamata kalin hiru muluthangeta wadana

Image
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා ගායනය - කරුණාරත්න දිවුල්ගනේ පද රචනය - සුනිල් දයානන්ද කෝනාර සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

Image
ඈතින් පා සළඹේ නැගි නාදේ සුළඟේ මුසු වී රැව් දී ආවේ ඕ ඕ ඕ ඕ ඕ....// නෑ නෑ නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා සැඳෑවක ගං තෙරායිමේ රැඳෙන්නට පෙම් පිළිසඳරේ දයාබර ඔබ කවුරුන්දෝ ඕ සොයලා...// ඈතින් ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ඔබගේ හදවත ගැහෙනා රාවය රහසේ ඇසිලා කවුදෝ ආවේ ඕ ඕ ඕ....// හැඟුම් බර දෑසට ලංවූ මනාළිය මාද පැතූ යුගෙන් යුග මේ සංසාරේ සොයලා...// ඈතින් ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ලංවී බැඳිලා ඔහුගේ දෑතේ සැනසෙන් උණුසුම් වී රෑ සීතේ ඕ ඕ ඕ..../// ගායනාව : නිරෝෂා විරාජිනී

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා | kate kiri suwanda yannata pawa bari una

Image
කටේ කිරි සුවඳ යන්නද බැරි වුණා යුදට උපන් කුමරා යැයි පතළ වුණා කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා යුදට උපන් කුමරා යැයි නමක්‌ ඇති වුණා මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා නිතරැ නිතරැ සීතාවක රණ බෙර නැඟුණා කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා එක්‌ වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා රාජ සිංහ දෙවි නාමේත් ගියා නැති වුණා ගායනාව : ධර්මදාස වල්පොළ  පද රචනය : අරිසෙන් අහුබුදු  චිත්‍රපටය : සංදේශය (1960)

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ | Pem rasa wahena mangala geethe jeevithe

Image
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැලේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) මී මධු සුවඳ සදා දේ පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ පිනි වරුසා වේවා..// ඒ පෙම් කතරේ - මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැලේ ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) මී මධු සුවඳ සදා දේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා...සදාතනික වේවා...// සසරින් සසරේ - එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා.. පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැලේ ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය : සරත් දසනායක සංගීතය : සෝමපාල ලීලානන්නද "සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්

සමුගෙන යන්නෙමි | Samugena yannemi

Image
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපේ මතු දියුණ සොයා සිතකින් නොව මා නැව් නැග යන්නේ සිත ඔබේ තුරුලේ තියා ගතින් මෙතැන මම හිතින් ඔබගේ ලඟ කිසිදින වෙනස් නොවේ ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිණි කිරුළක් මෙලොවේ සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ ඔබ ගැන සිහිවෙනවා ප්‍රිය සුහදාණෙනි මා සිරවූයේ දුක්බර බිම් ගෙයකයි ඔබ රුව නෙපෙනී කටහඬ නොඇසී ගත සිත අවිවේකයි වෙරළක දිළිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා සසර සරන තුරු ඔබ මට නොනිමෙන රන් පහනක් වේවා ගායනය - වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - කරුණාරත්න අබේසේකර