වසත් කාලය මනරම් - Wasath kalaya manaram
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකමි කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු
පබැදුම : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : කරුණාරත්න විජේවර්ධන
ගායනය : නෙලූ අධිකාරි සමඟ දයාන් විතාරණ
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු
මට නොවෙද පසමිතුරු
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු
මට නොවෙද පසමිතුරු
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකමි කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
පබැදුම : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : කරුණාරත්න විජේවර්ධන
ගායනය : නෙලූ අධිකාරි සමඟ දයාන් විතාරණ
Comments
Post a Comment