වසන්තයේ මල් පොකුරු නෙළා - wasanthaye mal pokuru nela

වසන්තයේ මල් කැකුළක් සේ 
හිනැහී හිනැහී ඔබ සිටියා 

වසන්තයේ මල් පොකුරු  නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ...//

අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ හද මා දුටුවා
ඔබගේ හද මා දුටුවා


පද  රචනය : මහගම සේකර
තනුව හා සංගීතය : ආචාර්ය පණ්ඩිත් අමරදේව 
ගායනාව : ආචාර්ය පණ්ඩිත් අමරදේව 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී