වන දෙව්ලිය තුරුලේ | wana dewuliya thurule
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
සිත පණ ගන්වන
හදේ නිදන් වන
රූ බර ළඳුනනෙ
මද හස පෙන්වන //
කළා වැවේ සුළගින්
ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන්
සීගිරි අගන නෙලා
සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනේ
කලා රසය ලොව
හඬගා කියමිනි //
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කළා රසය හොබවා
සිතුවම් පවතිනවා
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Comments
Post a Comment