ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා | Tika kalaka sitan ma amathaka wana bawa danuna
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නමි මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක
සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක///
තනු නිර්මාණය-සංගීතය-පද රචනය හා ගායනය :චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
තනු නිර්මාණය-සංගීතය-පද රචනය හා ගායනය :චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
Comments
Post a Comment