සුවද දෙන මල් වනේ - Suwada Dena Mal Wane
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා...
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා....
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා..
මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා..
ඈත තරකා දිහා නිල් නුවන් යොමා..
ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා...
නෑ පලේ තැවී හඬා වේදනා දරා..
වේදනා දරා.......
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා...
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා....
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා..
මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී..
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි..
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි..
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි...
මා සිතේ නැගෙයි......
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා...
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා....
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා..
කඳුළු බිදු නිල් නුවන් පුරා........... රැදීලා..
ගායනාව : රූකාන්ත ගුණතිලක
පද රචනය් :අජන්ත රණසිංහ
සංගිතය : රෝහණ වීරසිංහ
Comments
Post a Comment