සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන - Siyak Ayu Laba Mageth Ayu Gena
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...
මහ පොළව සේ නිහඩ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා ...
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...
ගතේ රුහිරු ලේ කිරිපෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන්පුරයට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා ...
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...
ගායනාව : T.M.ජයරත්න
පද රචනය : සිද්ධාර්ථ හිමි
සංගීතය : H.Mජයවර්දන
Comments
Post a Comment