සැතපෙන කළ විඳ නිදි සුවේ - Sathapena kala winda nidi suwe
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනක ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
ආ ..ආ ...ආ ..ල ල ල ..ලා ලා ලා ..ආ ..ආ ...ආ ..
උකුලත සුව පිට හිස තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ//
සියොළඟ යහනක ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
පද රචනය :කරුණාරත්න අබේසේකර ශූරීන්
තනුව හා සංගීතය : එම්.කේ. රොක්සාමි
ගායනය :සුජාතා අත්තනායක
සිනමාපටය :අල්ලපු ගෙදර
Comments
Post a Comment