සඟවන්න එපා හසරැල් | sangawanna epa hasarel

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්...//

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මඟකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්...//


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - විපුල ධර්මප්‍රිය ජයසේකර
තනුව හා සංගීතය - එච්.එම්. ජයවර්ධන

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී