සඳේ.. ඔබ ඇයිද මේ යාමේ - Sande Oba Aida Meyame Ahasa kara Negune
අහස කරා නැඟුණේ....
සිතේ... දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ....
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා......
සඳේ ..ඔබ ඇයිද මේ යාමේ....
අහස කරා.... නැඟුණේ..
ඔබ තරු වටකර හිනැහෙන යාමේ...
ඈ දුර යහන් ගැබේ....
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ...
සඳේ .. ඔබ ඇයිද මේ යාමේ....
අහස කරා නැඟුණේ.....
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ......
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ.......
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ....
අහස කරා නැඟුණේ....
සිතේ... දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ....
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා......
අහස කරා නැඟුණේ....
සිතේ... දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ....
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා......
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ....
අහස කරා නැඟුණේ....
අහස කරා නැඟුණේ....
සිතේ... දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ...... දන්නේ....
නැතුවද ඔබ...... දන්නේ....
ගායනාව : රූකාන්ත ගුණතිලක
පද රචනය :රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
Comments
Post a Comment