සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ | Sanda renu wehena me sitha rathriye

prince udaya priyantha
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්න දෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

ගායනාව : ප්‍රින්ස් උදය ප්‍රියන්ත



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana