සමනල රෑනක් සේ | samanala ranak se
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ //
පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - පැට්රික් දෙණිපිටිය
සීගිරි ළඳක් පිබිද ළංවේ
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - පැට්රික් දෙණිපිටිය
Comments
Post a Comment