රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි | rosa malakuy nelum malakuy lassana wey
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මඟ බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සළලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා වනයට පියාඹලා
ඇයි ගියෙ වනයට පියාඹලා
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්
සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී
රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි
සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී
කැලේකට වැදී කැලේකට වැදී
ඇයි තනියම කැලේකට වැදී
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
කූඩුව ඔබ නිසාම ඇරිලා
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්...//
ගායනය - නිහාල් නෙල්සන්
සංගීතය - ආර්.ඒ චන්ද්‍රසේන
ගී පද - සරත් මුණසිංහ
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මඟ බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සළලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා වනයට පියාඹලා
ඇයි ගියෙ වනයට පියාඹලා
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්
සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී
රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි
සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී
කැලේකට වැදී කැලේකට වැදී
ඇයි තනියම කැලේකට වැදී
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
කූඩුව ඔබ නිසාම ඇරිලා
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්...//
ගායනය - නිහාල් නෙල්සන්
සංගීතය - ආර්.ඒ චන්ද්‍රසේන
ගී පද - සරත් මුණසිංහ
Comments
Post a Comment