රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි | Rathnadeepa janmabhumi lankadeepa wijaya bhumi

amaradewa
රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි...//

ආදි සිංහලේ ඒ වීර මීමුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මතෘ භූමියයි

මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී...//

ඇත්තෙ ඒ අභීත දූ පුතුන්

ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ...//

ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

සින්ධුපමාන වැව් තලා මතින් ඇදී...//

පද්ම රේණුයෙන් සුගන්ධ වී 

රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා...//

එන්නෙ උන් හෙළු ප්‍රාණ වායුවයි 

රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

ගංගා තරංග රාව දී රිදී වනින්...//

මල් පිපී කුලින් කුලේ හැපී 

ගායනා කරන්නෙ ආකාශයේ නැගී...//

වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

ආදි සිංහලේ ඒ වීර මීමුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මතෘ භූමියයි

ගායනාව : පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස
පද රචනය : මහගම සේකරයන් 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී