ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ | onchilla thotili koindo

sujatha aththanayake
ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන් සළුපිලි වළළු කොයින්දෝ
දොයි දොයි පුත ලපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ

රුසිරෙන් සරු මල් සර පරදා
නුවණින් ඝණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසකු වීලා

හිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා...//

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන් සළුපිලි වළළු කොයින්දෝ
දොයි දොයි පුත ලපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ

සළකනු පර පණ තම පණ සේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුනු රට දැය සහ සමයයි
රැක මළ පසුව ද නම නොමැරෙයි 

හිටියොත් හොදට හැදී
දෙවියොත් නමට වඳී...//

රුසිරෙන් සරු මල් සර පරදා
නුවණින් ඝණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසකු වීලා

හිටියොත් හොදට හැදී
දෙවියොත් නමට වඳී ...//


ගීපද : කරුණාරත්න අබේසේකර
ගායනය : සුජාතා අත්තනායක
තනුව : ආර්. මුත්තුසාමි



Comments

  1. සංගිත අධ්‍යක්ෂ ෙග් නම සදහන් කර නැත.

    ReplyDelete
    Replies
    1. සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහතාගෙන්

      Delete

Post a Comment

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana