නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා | nokee rahasak mathakaye hinda thawenawa

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ඝණ'ඳුර නැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි
මං ආදරෙයි
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
සිතග කැළඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදි කොට මා තබනවා තබනවා
මං ආදරෙයි
මං ආදරෙයි
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

දුරින් දුර ඇති තාරකා මල් දිළෙනවා
නෙතග ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
දකිණු රිසි ඔබෙ තාරකා ඇස්
මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි
මං ආදරෙයි
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව - එඩ්වඩ් ජයකොඩි

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana