නින්ද නැති රැයේ - Ninda Nathi Raye
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ...
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ....
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ...
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ...
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ...
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ...
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ....
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ...
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ...
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ..
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ..
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ...
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ....
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා.. හැලේ
ගායනාව : ගුණදාස කපුගේ
පද රචනය් :රත්න ශ්‍රී විජේසිංහ
සංගිතය : ගුණදාස කපුගේ
Comments
Post a Comment