නිල් අඹරේ සොඳුරු පැහැය - Nil Ambare
ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට
මුදු දෙතොලේ දවටන්න
සමනල් රෑනේ එන්න
මාගේ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා
ආදරෙයි .....
දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා
තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා //
පෙම් වර්ණ ලෝකේ පෙම් මල් ගොතා....
ගෙල පලදවා සිප ගන්නවා.....
කිරි සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරු වැල් වගේ පෙනෙනවා..
කිරි සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලෙනවා...
අප්රමාන පෙම් ලෝකේ අනන්තය සොයා...
ඔබේ අත අරන් පියනගනවා...
නිල් අඹරේ සොඳුරු පැහැය
ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට
මුදු දෙතොලේ දවටන්න
දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලෙනවා...
අප්රමාන පෙම් ලෝකේ අනන්තය සොයා...
ඔබේ අත අරන් පියනගනවා...
නිල් අඹරේ සොඳුරු පැහැය
ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට
මුදු දෙතොලේ දවටන්න
සමනල් රෑනේ එන්න
මාගේ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා
ආදරෙයි .....
මාගේ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා
ආදරෙයි .....
ගායනාව :රොමේෂ් සුගතපාල
පද රචනය :නන්දන වික්රමගේ
සංගීතය :රොමේෂ් සුගතපාල
Comments
Post a Comment