නෙත් යුග රන් තරු යුවල තමයි | Neth yuga ran tharu yuwala thamai
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
අඳුරින් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
සංගීතය - වික්ටර් දළුගම
ත්‍රී සිස්ටර්ස් මුල් ගායනය
Comments
Post a Comment