මොරසූරණ වැසි ඇදගෙන හැළුනා| Mora Soorana Wasi adagena haluna
මට මතකයි සමුගත් දිනයේ...
මා සිතුවේ නැ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..//
නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නැ දැනගෙන උන්නේ...
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා..
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ...
මා සිතුවේ නැ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..
තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා..
හැඬූ නමුදු ඉන් නොමැත පලේ..
වත මල සිඹලා මම සමුගන්නෙමි..
හෙට හමුවෙමු අපි අපේ ලොවේ..
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ...
මා සිතුවේ නැ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..//
ගායනාව : ආත්මා ලියනගේ
Comments
Post a Comment