මේ හිත තනියෙන් | Me Hitha Thaniyen

Athma Liyanage

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්..
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්..
ආදරයෙන් එදා ඉදන්...

කදුළක් ලග නැවතුන
ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
අලුතෙන් ලියන තරම්...

වරුවක් ලග මුමුණන ඔය හිත
මගේමද හිතමින්...
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්...
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුනා තියෙන තරම්..
මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්..
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්..
ආදරයෙන් එදා ඉදන්...

ආදරයෙන් එදා ඉදන්...
ආදරයෙන්... ආදරෙන්..


ගායනාව : ආත්මා ලියනගේ 
පද රචනය :රචිත වාකිස්ත 
සංගීතය  :තිලිණ රුහුණගේ  



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී