මතකයි හිත හැඬුවා එදා - Mathakay Hitha Handuwa Eda

Shihan Mihiranga,
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වෙලා..

මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..

තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..//

හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..//
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..

මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා....

සීතල මීදුම් මා සිත පොපියා..
ඔය ගත උණුසුම මතකෙට නැගුවා..//
හීනෙට තුරුල් වෙලා..
ඔබෙ ආදරේ පතා..
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..

මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..

තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..
අනේ....

මම ඔබට ආදරේ කළ තරම්..


ගායනාව :ශිහාන් මිහිරංග







Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු