මං මුලාවී පාර හොයාගෙන - Man Mulawee Para Asagena
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා... තිබුනේ //
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා... තිබුනේ
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා... තිබුනේ//
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා... තිබුනේ//
ගායනාව : ගුණදාස කපුගේ
පද රචනය් :සුනිල් ආරියරත්න
සංගිතය : ගුණදාස කපුගේ
Comments
Post a Comment