මළ ඉර බසිනා සැන්දෑ යාමේ | mala ira basina sanda yame

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්

අඳුරට ඉඩදී අදුරේ සැඟවී...//

ඔබගෙන් වෙන් වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ...//

සුළඟේ  දැවටී ඔබට හොරෙන්...//

මම ඔබ වෙත එන්නම්

සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//

ඔබ නිදි කරවා මම යන්නම්

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා...//

සුසුමක් වාගේ ඉන් පිටවී...//

ඔබගෙන් වෙන්වෙන්නම් 

අඳුරට ඉඩදී අදුරේ සැඟවී...//

ඔබගෙන් වෙන් වී මම යන්නම්...///


ගායනාව : පණ්ඩිත් අමරදේව 
පද රචනය : මහගම සේකර 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී