මගේ ලොවට ඔබ වඩින තුරා | mage lowata oba wadina thura

මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිඳී
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි පෙර මඟ නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා

කවදා හෝ එක් අරුණු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි කඳුළින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර

වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

මගේ ලොවට වඩින තුරා
වඩින තුරා .........///


ගායනය නීලා වික්‍රමසිංහ
පද ආචාර්ය අජන්තා රණසිංහ
තනුව ප්‍රේමසිරි කේමදාස

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana