මගෙ හද මඩල මල් යහනකි ප්රභාවතී - Mage Hada Madala Mal Yahanaki Prabawathi
ඔබෙ හද මඩල කටු යහනකි ප්රභාවතී...
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී....
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී.....
සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ..
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ..
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ....
මදෙස බල බලා නාඩන් කුමාරියේ...
මගෙ හද මඩල මල් යහනකි ප්රභාවතී...
ඔබෙ හද මඩල කටු යහනකි ප්රභාවතී...
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී....
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී.....
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ..
මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ..
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ...
කරපු පවට නාඩන් දේවතාවියේ..
මගෙ හද මඩල මල් යහනකි ප්රභාවතී...
ඔබෙ හද මඩල කටු යහනකි ප්රභාවතී...
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී....
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී.....
ගායනාව : ගුණදාස කපුගේ
Comments
Post a Comment