මධුර යාමේ සුවදේ සාමේ - madhura yame suwade same

හෝ ......හෝ .....හෝ ......හෝ .....හෝ ......
හා ...හා .....හා.....හා .....හා.....

මධුර යාමේ සුවදේ සාමේ//

සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

තරු සිනා සේ දෙනෙත පොපියයි //

මසිත පිබිදී සතුට රජවෙයි
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
හෝ .. හෝ .... ආ ...ආ ...

සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී //

දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ

අතට අතදී හිතට හිත දී //

රැල්ල විලසේ එන්න පෙරළී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
හෝ .. හෝ .... ආ ...ආ ...
හෝ .. හෝ .... ආ ...ආ ...

සීත සුලගේ  හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ ...//

අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ

ඈත සඳ ඒ බලනවානේ //

ඉන්න හොඳ නෑ යන්න ඕනේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ ......
හෝ .. හෝ .... ආ ...ආ ..ආ ...ආ ...
හෝ .. හෝ .... ආ ...ආ ...ආ ...ආ ..




පද රචනය  : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
ගායනය : ආචාර්ය සුජාතා අත්තනායක සමඟින් එච්.ආර් ජෝතිපාල


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී