ලෝකයක් නසන්නට - lokayak nasannata
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණ ලොව අභිමුවෙහි
විජය නොඩි නගන්නේ කවුරුන් ද
එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන හටන් කරනුයෙ කුමට
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණ ලොව අභිමුවෙහි
විජය නොඩි නගන්නේ කවුරුන් ද
එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන හටන් කරනුයෙ කුමට
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණ ලොව අභිමුවෙහි
විජය නොඩි නගන්නේ කවුරුන් ද
විජය නොඩි නගන්නේ කවුරුන් ද
ගායනාව : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment