කඳුලු බිඳක් මා වෙනුවෙන් - Kandulu Bidak Ma Wenuwen
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..//
කුළුදුල් සෙනෙහස ඔබගේ...
පුද කළ දා එකම සිතින්..
ඔබ දෙගුරුන් නොපැතු මා...
ලොව තනි වේ නම්....
කඳුලු බිඳක් මා වෙනුවෙන්...
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..
එක මඟ යන මුත් කිසිදා..
හමු නොවෙනා දෙදෙනෙකු නම්..
තනිවෙන්නම් සැමදා මා....
ඔබ සැනසේ නම්...
කඳුලු බිඳක් මා වෙනුවෙන්...
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා....
අයදින්නට එපා මගෙන්..
ගායනාව :රූකාන්ත ගුණතිලක
Comments
Post a Comment