හැගුම් මත් කලා ඉනුරා දෑසේ මායා - Hangunam math kala nura dese maya (Sinasenna Bane)
නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා...
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.... //
නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැදුන සිහිනේ බොඳවේද මාගේ
හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා...
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.... //
සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා......
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.. ///
කොහෙදෝ මා දමා ඉගිලුනේ.. ///
සිනාසෙන්න බෑනේ.........
ගායනාව :රොමේෂ් සුගතපාල
පද රචනය :නන්දන වික්රමගේ
සංගීතය :රොමේෂ් සුගතපාල
Comments
Post a Comment