එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් | Eda tharam mage hithe radune na thawa dawasak


එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්

සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්

මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්

ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී