දොඹ මලින් මලෙක රේණු තලන | Domba malin malaka renu thalana


දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ//

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි

දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුලැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි

දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ//


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමරදාස සපුතන්ත්‍


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana