දිගු දෑස දුටුවාම - Digu Desa Dutuwama
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද...
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද...
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද...
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද...
දිගු දෑස දුටුවාම.........
ගායනාව :රොමේෂ් සුගතපාල
පද රචනය :නන්දන වික්රමගේ
සංගීතය :රොමේෂ් සුගතපාල
Comments
Post a Comment