දේදුන්නෙන් එන සමනලුනේ | dedunnen ena samanalune

sanath nandasiri and latha walpola
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ

භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුණා වන මල් තොරණේ

අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ


ගායනය : .ලතා වල්පොල, සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී