දවසක් පැල නැති හේනේ - Dawasak Pala Nathi Hene
දවසක් පැල නැති හේනේ..
අකාල මහ වැහි වැස්සා..
තුරුලේ හංගාගෙන මා..
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ .....
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා..
යෝධ ඇලේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවද දිදී..
දැනුනා මට අම්මේ......//
කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ.....
මං එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ...//
මං එන....තුරු ඉදි..කඩ ලග
ඉන්නවාද..... අම්මේ...
ගායනාව : ගුණදාස කපුගේ
පද රචනය :රන්බණ්ඩා සෙනවිරත්න
සංගිතය : ගුණදාස කපුගේ
Comments
Post a Comment