ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන - Ase Mathuwana kandulu bidu gena
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැළෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්..//
කෙළෙස් මල පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ//
සොයා ආවෙමි පොළෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැළෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝද බුදු බඳ//
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැළෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
පද රචනය :මහගම සේකර
තනුව හා සංගීතය හා ගායනය :ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන්
Comments
Post a Comment