ආරාධනා ආරාධනා ජීවිතයේ තනි මංසල - Aradhana aradhana jeewithaye thani mansala
ආරාධනා...ආරාධනා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා.
ආරාධනා...ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ....යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහණින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනාව : පණ්ඩිත් අමරදේව
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා.
ආරාධනා...ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ....යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහණින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනාව : පණ්ඩිත් අමරදේව
Comments
Post a Comment