අන්න බලන් සඳ රන් තැටියෙන් - Anna balan sanda ran thatiyen

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී..//

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ..//

ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී ....//

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා..//

මන්මද රංගන මණ්ඩපයේ මෙම..//

මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//


ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද රචනය : මහගම සේකර
තනුව : සෝමදාස ඇල්විටිගල
නාට්‍යය : කුණ්ඩලකේශී
මුල් ගායනය : බෙන් සිරිමාන්න සහ ට්‍රිලීශියා ගුණවර්ධන


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී