අහසට සොඳුරුද සඳ කෙතරම් - ahasata sonduruda sanda ketharam



පි/       අහසට සොඳුරුද සඳ කෙතරම් - ගසකට සොඳුරුද මල කෙතරම්
           සයුරට සොඳුරුද රළ කෙතරම් - එතරම් මිහිරියි ඔබ මට නම්
ගැ/     හිත මැද පෙම්බර කම් සඟවා - යන එන මග ඉඟි බිඟි කරමින්
          හොඳ නැහැ කරනා ඔය දඟ කම් - දුටුවොත් වෙන අය වෙයි නපුරක්

පි/      සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා
ගැ/    තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා //

පි/      අහසට සොඳුරුද සඳ කෙතරම් - ගසකට සොඳුරුද මල කෙතරම්
          සයුරට සොඳුරුද රළ කෙතරම් - එතරම් මිහිරියි ඔබ මට නම්

ගැ/     හිත මැද පෙම්බර කම් සඟවා - යන එන මග ඉඟි බිඟි කරමින්
          හොඳ නැහැ කරනා ඔය දඟ කම් - දුටුවොත් වෙන අය වෙයි නපුරක්

පි/      සොඳුරුද මා හට ඔබ කෙතරම්
ගැ/    අන් සතු මලකට ඇයි ලොබ කම්
දෙ/    සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්
දෙ/    හිමි නැති වූ සඳ දෙයි ලතැවුල්

පි/      තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා -
ගැ/    කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ බිළිඳුන් නිදි නෑ මං යනවා //

පි/     අහසට සොඳුරුද සඳ කෙතරම් - ගසකට සොඳුරුද මල කෙතරම්
         සයුරට සොඳුරුද රළ කෙතරම් - එතරම් මිහිරියි ඔබ මට නම්
ගැ/   හිත මැද පෙම්බර කම් සඟවා - යන එන මග ඉඟි බිඟි කරමින්
         හොඳ නැහැ කරනා ඔය දඟ කම් - දුටුවොත් වෙන අය වෙයි නපුරක් ,,,,,,,


පද රචනය :ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය :දේවක රත්නපාල
ගායනය :නෙලූ අධිකාරී සමඟින් කාශ්‍යප දිසානායක


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී