ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා - aganthuka kurulla kohendo ewilla
ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි
බලාගෙනයි
අම්ම තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි...//
උඩ කරණම් බිම කරණම් මට පේන්නදෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ වුනාට නුඹට මගේ ආදරයක් නෑ
ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි
බලාගෙනයි
අම්ම තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි
කෝඩු තරුණ පැඟිරි වියේ ඔය දාංගලේ ඔහොමයි
ඒ වුනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්
ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි
බලාගෙනයි
අම්ම තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි
බලාගෙනයි
අම්ම තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි
පබැදුම :ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය :නවරත්න අත්තනායක
ගායනය :ආචාර්ය සුජාතා අත්තනායක
තනුව හා සංගීතය :නවරත්න අත්තනායක
ගායනය :ආචාර්ය සුජාතා අත්තනායක
Comments
Post a Comment