අඩවන් දෑසින් පවසනු රහසින් - Adawan dasin pawasanu rahasin


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි//
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා//
මී විත උතුරා යයි උතුරා

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//

අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ.....//
හෙට දින එය මිය යයි - මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//


පද රචනය :මහගම සේකර
සංගීතය :සෝමදාස ඇල්විටිගල
ගායනය :ආචාර්ය වික්ටර් රත්නායක
"වෙස් ගත්තෝ" චිත්‍රපටියෙන්


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana