ආරාධනා.... (ජිවිතයේ තනි මංසල ) | Aaradhana (Jeewithaye Thani Mansala)
ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...
නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...
ගායනය - ඩබ්ලිවූ.ඩී .අමරදේවයන්
Comments
Post a Comment