Posts

Showing posts from February, 2020

පවුරු වළල්ලක් බැඳලා| Pauruwalallak badala

Image
පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා කවුළු දොරින් බලා ඉඳිමි ‍ඔබ එනතුරු බලා ඉඳිමි // ඇතින් පිය මනිනු දකිමි සුසුම් හෙලා හඬා වැටෙමි සුසුම් හෙලා හඬා වැටෙමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා නිරතුරු ඔබේ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි // ලොවක් නොමැත අපිට අහිමි ඔබ හා මිස තනිව නොයමි ඔබ හා මිස තනිව නොයමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා// පවුරු වළල්ලක් බැඳලා //// ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - සුනිල් ආරියරත්න සංගීතය - සරත් දසනායක නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය | Kurullane nubalage santhosaya

Image
කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියව් විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් // කෝටු කෑළී දර පිදුරු ගෙනත් ඔය කැදැල්ල බඳින නියා නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විලසටද කියා කොයි විලසටද කියා කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියව් විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් කිචි බිචි ගාමින් ගී හඬ පතුරන ඉඳගෙන එක අත්තේ සමගිය සාමය පිළිබඳ පාඩම් කොහොමද දැන ගත්තේ කොහොමද දැන ගත්තේ කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියව් විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් පියපත් සලලා නිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ තනුව සදා දුන්නේ කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියව් විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් // ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා, ත්‍රී සිස්ටර්ස් සංගීතය - සරත් දසනායක ගී පද - කරුණාරත්න අබේසේකර

වන දෙව්ලිය තුරුලේ | wana dewuliya thurule

Image
වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළුවෝ සිත පණ ගන්වන හදේ නිදන් වන රූ බර ළඳුනනෙ මද හස පෙන්වන // කළා වැවේ සුළගින් ඇගේ ගත සලිත වෙලා කලා රසික හෙලයන් සීගිරි අගන නෙලා සඳ වැනි මුව ඇති රූබර ළඳුනනේ කලා රසය ලොව හඬගා කියමිනි // දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා කළා රසය හොබවා සිතුවම් පවතිනවා වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළුවෝ බිතු සිතුවම් නෙළුවෝ ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

මතකය ඇසුරින් සිහියට ගන්නට | mathakaya asurin sihiyata gannata

Image
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් | Eda tharam mage hithe radune na thawa dawasak

Image
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

නෙත් යුග රන් තරු යුවල තමයි | Neth yuga ran tharu yuwala thamai

Image
නෙත් යුග රන් තරු යුවල තමයි තොල් පෙති නා දළුවලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි අඳුරින් බර වැහි කතරෙ පවා ආලෝකය දෙමි උදය හවා ගිමනට සීතල සෙවණ මවා දිය දහරක් වෙමි පවස නිවා දිය දහරක් වෙමි පවස නිවා නෙත් යුග රන් තරු යුවල තමයි තොල් පෙති නා දළුවලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි රළ ලෙස ජීවන දිය දහරේ අත ගෙන එමි ඔබ යන පාරේ සුපුරුදු ගතිගුණ අත නෑරේ දුක හෝ සැප විඳ ගමු මිහිරේ දුක හෝ සැප විඳ ගමු මිහිරේ නෙත් යුග රන් තරු යුවල තමයි තොල් පෙති නා දළුවලට සමයි මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - හේම ශ්‍රී ද අල්විස් සංගීතය - වික්ටර් දළුගම ත්‍රී සිස්ටර්ස් මුල් ගායනය

වසන්තයේ මල් කැකුළයි | Wasanthaye mal kakulai

Image
වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි // ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි ඈත මග දිහා බලලා නෙත කකියනවා හිතේ කාන්සිය හා මට තරහත් එනවා පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම් හෙට ආපුදෙන් මගේ හැටි මම කියාල දෙන්නම් වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

සමනල රෑනක් සේ | samanala ranak se

Image
සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ // පොපියුණු සිතුවිලි අවදි වෙවී සිත තෙ‍රපෙයි නතර නොවී ළා දළුවක් මෙන් මහද සැලේ නෙත් යුග එක් රුවක වෙලී සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ දේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ සිහිවෙන පණ නල රැඳෙන තුරු එය දවසකි පෙරුම් පිරූ ඔබෙ වත සඳවත ලෙසින් සොමි මම දින දින ‍පතන්නෙමි දේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ  රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ළංවේ ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ | onchilla thotili koindo

Image
ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රන් සළුපිලි වළළු කොයින්දෝ දොයි දොයි පුත ලපටි බිළින්දෝ රන්කඳ රැකදේවි සුරින්දෝ රුසිරෙන් සරු මල් සර පරදා නුවණින් ඝණපති ලෙස සැමදා තෙරුවන් වැඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසකු වීලා හිතමින් මවගෙ කතා දොයි දොයි දොයිය පුතා...// ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රන් සළුපිලි වළළු කොයින්දෝ දොයි දොයි පුත ලපටි බිළින්දෝ රන්කඳ රැකදේවි සුරින්දෝ සළකනු පර පණ තම පණ සේ හොර බොරු නොකරනු කිසි දවසේ ඉපදුනු රට දැය සහ සමයයි රැක මළ පසුව ද නම නොමැරෙයි  හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී...// රුසිරෙන් සරු මල් සර පරදා නුවණින් ඝණපති ලෙස සැමදා තෙරුවන් වැඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසකු වීලා හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී ...// ගීපද : කරුණාරත්න අබේසේකර ගායනය : සුජාතා අත්තනායක තනුව : ආර්. මුත්තුසාමි

පාළු සුසානේ ප්‍රේම පුරාණේ - palu susane prema purane

Image
පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ...// මට අමතක නෑ ඔබට මතක නෑ ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී ආදරයක් මිය යාවිදෝ හදවත ගොළු වී ඔබේ නාමයෙන් ජීවිතයක් නවතීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරු උනේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ මගෙ අත්තටු බිඳ පියා සරාලා යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනූවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම් හෙලාවී කම්පා කරවා මහී තලේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ දෛවය මේ නම් සුදු අපි නාඬමු හමුවෙමු මතු සංසාරයේ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇවිලෙන මේ ගිණි මා ළයේ ඔබ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ...// මට අමතක නෑ ඔබට මතක නෑ ගායනය - එච්. ආර්. ජෝතිපාල සංගීතය - සරත් ද අල්විස් පද රචනය -

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ | Sanda renu wehena me sitha rathriye

Image
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්න දෝ කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් ගායනාව : ප්‍රින්ස් උදය ප්‍රියන්ත

පුෂ්ප මකරන්දය මාගේ | Pushpa makarandaya mage

Image
පුෂ්ප මකරන්දය මාගේ බෘංග මදිරා රස ඕගේ බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ බෘංග හිමි හංස විමානේ පුෂ්ප රන් රේණු ගුලාවේ බැන්ද කිංකිණි අනුරාවේ වෑහේ රසේ පුෂ්ප මකරන්දය මාගේ ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් සුවඳ හමන දිගන්තේ ප්‍රේම මධුර වසන්තේ මල් පීදුණ කැදැල්ලේ කෝකිලයකු තුරුල්ලේ ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් ලියලන ආදර සෙනේ ලොව සුවදායක කරේ රන් මිණි මුතු වැල් තියේ මගෙ හිත ගිය මාළිගේ පුෂ්ප මකරන්දය මාගේ බෘංග මදිරා රස ඕගේ බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ බෘංග හිමි හංස විමානේ පුෂ්ප රන් රේණු ගුලාවේ බැන්ද කිංකිණි අනුරාගේ වෑහේ රසේ පුෂ්ප මකරන්දය මාගේ පබැදුම : නිහාල් ඒ. ජයසිංහ තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනය : විශාරද සුජාතා අත්තනායක සමඟින් නාරද දිසාසේකර සිනමාපටය : සිහින හතක් (1966)

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ | egodaha yanno thawa kauruda inne

Image
එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ...// ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ....// ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ගී පද :ඩෝල්ටන් අල්විස් ගායනය : විශාරද ෂෙල්ටන් පෙරේරා

මා වාගේ ලඟින් උන් මා වාගේ | Ma wage langin un ma wage

Image
මා වාගේ ලඟින් උන් මා වාගේ සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කාගේ හෝ මුසා බස් හින්දා ඈ මා හා ඈ බිඳී ගියා වාගේ මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ පෙරදා උදයේ ඈ මා අසලම වූයේ ඊයේ වෙන දැතක පැටලී උන්නේ ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ මා වාගේ ලඟින් උන් මා වාගේ සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කාගේ හෝ මුසා බස් හින්දා ඈ මා හා ඈ බිඳී ගියා වාගේ මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ ‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී

ආපසු යන්නට පාර කියනවද | apasu yannata para kiyanawada

Image
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පිං මදිද සිතෙයි ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පිං මදිද සිතෙයි ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පිං මදිද සිතෙයි ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගී පද - හේ.ස.ලා ගුණතිලක සංගීතය - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ | santha jonge weediye kade

Image
ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ.....// මාළු වෙළඳම මාළු වෙළඳාම ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු කඩේ වටේ ගෑණු පාලු නැතුව ඉඳිති පේනු.....// සවස දෙකේ සිටලා රෑ....// නවය දහය පසුවෙන තුරු....// ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස...// හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ...// ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...// මාළු වෙළඳම මාළු වෙළඳාම ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි අප්පුල ආයල සිඥ්ඥෝල.....// බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි...// තූපහින්ද අරාබි එති...// නෙක නෙක දිග රන්පාටැති නන් නන් මාළුත් විකිණෙති....// රට ලබු වම්බටු කරපිංචද සේරද විලුණන්නෙය...// ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...// මාළු වෙළඳම මාළු වෙළඳාම ශාන්ත ජෝන්ගෙ.../// වීදියේ කඩේ නා‍ට්‍ය‍ය : බැලසන්ත ගායනය : ජයලත් මනෝරත්න

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ | sangawa ganu mana obe ruwa sonduriye

Image
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි...// මහ වන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්...// හිරු රැස් බිදැකුදු ඔබැ රුව දුටු සඳ ඉරිසියාවෙන් පිරැවෙයි මා හද සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම් දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත...// එනමුදු ඊයේ මට පෙන්වූ රුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි...// ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක ගේය පද: බණ්ඩාර කේ. වි‍ජේතුංග සංගීතය: ආචාර්ය වික්‌ටර් රත්නායක

රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි | rosa malakuy nelum malakuy lassana wey

Image
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී මං ශෝකෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී මං ශෝකෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි ඉස්සර මම එනකොට ‍ඔබ ඉඳන් මඟ බලා ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සළලා ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයි ගියෙ වනයට පියාඹලා ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල් මං ආස කරන මැණික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී කැලේකට වැදී කැලේකට වැදී ඇයි තනියම කැලේකට වැදී ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල් මං ආස කරන මැණික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා එන්න එන්න කිරිල්ලියේ වහා පිය

තාත්තා උනත් මා බත සරි කරන | thaththa unath ma batha sari karana

Image
තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...// මට පෙර උරුම ආලය දරු කැළට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැඟේ ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...// ගායනය - පණ්ඩිත් W.D අමරදේව

දේදුන්නෙන් එන සමනලුනේ | dedunnen ena samanalune

Image
දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ දවසක් දා බෝ මළුවේ හමුවූ දා සැටි අපි දෙන්නා පහනක් දල්වා එකම සිතින් පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ භවෙන් භවය පෙර ආවාසේ භවෙන් භවය මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ ආදරයේ සුවඳ ලෙනේ තනිවී උන්නා අපි දෙන්නා කාන්සියක් හෙම නෑ දැනුනේ පෙති දිලුණා වන මල් තොරණේ අප පය පාමුල සතුටු ගඟේ තාමත් ආදර රැලි හිනැහේ කියව් කුරුල්ලනි මලින් මලට හෙට අපේ අහිංසක කතන්දරේ දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ ගායනය : .ලතා වල්පොල, සනත් නන්දසිරි පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස

අපි ඈතට ඈතට පා නගලා | api athata athata pa nagala

Image
අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ...// කාත් කවුරුත් නෑ එන්නේ ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ බමරුන් විතරයි තනියට ළඟ ඉන්නේ අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ කෙසේද අත් බැඳ ඇවිදින්නේ වෙරළේ උයනේ තුරුළු වෙමින් නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ../// ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

සිහිවටනය සේ කුමක් ලියන්නද | sihiwatanaya se kumak liyannada

Image
සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතුවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ...// දේදුනු පාටැති පිටුවෙන් පිටුවට ආසිරි රේඛා සුහද පැතුම්...// ඔබේ නුවන් මට කී දේ රහසින් ලියන්න ආසයි මියුරු සිතින් සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතුවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ ඈත දිහාවක ආදරවෙරළේ  අපි හමු වූයෙමු අරුනෝදේ...// එවන් අපේ පොඩි කතන්දරේ මම ලියා තියන්නද සොදුරු ලඳේ සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතුවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ ගී පද : ධර්මශ්‍රි සංගීතය : වික්ටර් රත්නායක ගායනය : අබේවර්ධන බාලසුරිය

ලොවේ කොයි කාටත් හොරෙන් | lowe koi katath horen

Image
ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ...// නින්ද නොමැතිව හිඳින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ එතී එන්නම් මුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ සුසුම්  කවි ගී සෙමින් මුමුණන ඔබේ තනි නොතනිය මකා ළසඳ කැල්මේ වෙලී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ....// ගායනය - රෝහණ සිරිවර්ධන සංගීතය - ඩයමන්ඩ් පෙරේරා පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා | nokee rahasak mathakaye hinda thawenawa

Image
නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා රැයේ ඝණ'ඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා මං ආදරෙයි මං ආදරෙයි උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා සිතග කැළඹිලි නගනවා හැඟෙනවා නිදන නින්දද මුදා හරිමින් අවදි කොට මා තබනවා තබනවා මං ආදරෙයි මං ආදරෙයි උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා දුරින් දුර ඇති තාරකා මල් දිළෙනවා නෙතග ඒ මල් ලෙළෙනවා පෙනෙනවා දකිණු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා මං ආදරෙයි මං ආදරෙයි උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...// ගායනය - එඩ්වඩ් ජයකොඩි පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර තනුව - එඩ්වඩ් ජයකොඩි

මේ ගුරු පාරේ මේ දොල අයිනේ | me guru pare me dola ayne

Image
මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියැවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත...// දොල මත දිදුලන පෙණ පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියැවීලා ඉර හඳ ඇසුවා ඇලදොල දුටුවා අතිනත් ගෙන අප දෙඩූ කතාබහ...// එනමුදු එදවස් සඟවනු හැකිවේ ඉරට හඳට ඇල දොලට කතා බැහැ මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියැවීලා ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ | kauruwath naha kauruwath naha

Image
කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට දෑතේ අතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුණා මෙතුවක්‌ නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගායනාව : අමරසිරි පීරිස්

ආරාධනා.... (ජිවිතයේ තනි මංසල ) | Aaradhana (Jeewithaye Thani Mansala)

Image
ආරාධනා... ආරාධනා... ජිවිතයේ තනි මංසල අතර මං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා... ආරාධනා... නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ... කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා ආරාධනා... ආරාධනා... එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා ආරාධනා... ආරාධනා... ගායනය - ඩබ්ලිවූ.ඩී .අමරදේවයන් 

දොඹ මලින් මලෙක රේණු තලන | Domba malin malaka renu thalana

Image
දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ// හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි නව යෞව්වනේ පිපි මල් වනේ රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි හසරැල් සලා කඳුලැල් නිවා සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ// ගායනය - එඩ්වඩ් ජයකොඩි සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - කුමරදාස සපුතන්ත්‍

තරු අරුන්දතී නෙතු පහන් නිවා | Tharu arundathi nethu pahan niwa

Image
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ළදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල් හුළ‍ඟේ මට තනියක් දැනුණා තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් නඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ තණුව : ස්ටැන්ලි පීරිස්

මගේ ලොවට ඔබ වඩින තුරා | mage lowata oba wadina thura

Image
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා තරුවක් වාගේ හෙටත් නොපායන මගේ යොවුන් හද ප්‍රාර්ථනා අදත් එදා මෙන් බලා හිඳී මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි පෙර මඟ නෙතු දල්වා ආදරයේ මුතු පියවිලි අතුරා කවදා හෝ එක් අරුණු උදාවක මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා බලා හිඳිමි කඳුළින් නෙතු පොඟවා ආදරයේ රන් කවුළු පියන් හැර වසන්තයේ පණිවුඩය සිතින් ගෙන මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා මගේ ලොවට වඩින තුරා වඩින තුරා ........./// ගායනය නීලා වික්‍රමසිංහ පද ආචාර්ය අජන්තා රණසිංහ තනුව ප්‍රේමසිරි කේමදාස

හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි | hanthana desin ena mudu seetha sulan rali

Image
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හදුනනවානම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍ර‍වේසම් කර ගන්නම්...// සංසාර පුරුද්දට දෝ මන්දා ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...// මන් තාම මහාවැලි ගංඉවුරේ වැලි පාර දිගේ හවසට යනවා හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හදුනනවානම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍ර‍වේසම් කර ගන්නම් තනිවී අද මා මේ වැව රවුමේ දළඳා පෙරහැර සිරි නරඹනවා...// මහ සෙනග අතර ඔබ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට සිතුනා හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හදුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍ර‍වේසම් කර ගන්නම් ගායනය : කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර සංගීතය : විශාරද ගුණදාස කපුගේ

අයන්න කියන්න ලොවටම ඇහෙන්න | ayanna kiyanna lowatama ahenna

Image
අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී // පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ සිත දිනමින් පා සෙවණේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරිසරන්න එන්න මගේ මල්ලී එන්න මගේ නංගී අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙන යති රහසේ පොතින් පතින් ලද දැණුමේ ධනය සදාකල් සුරැකේ ඥානය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ මල්ලී එන්න මගේ නංගී අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී එන්න මගේ මල්ලී එන්න මගේ නංගී /// ගායනය - විශාරද නන්දා මාලිනී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය - මර්වින් පෙරේරා

ශාන්ත මේ රෑ යාමේ | Shantha me ra yame

Image
ශාන්ත මේ රෑ යාමේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා// එයි නැගී... ප්‍රේම තරංගා එයි නැගී හද ප්‍රේම තරංගා මේ අමා දහරේ - මේ අමා දහරේ නෙක තුරුළිය නැළවෙන්නේ මේ සීතල මද පවනේ ශාන්ත මේ රෑ යාමේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා හා ඇසේ වන කෝකිල ගීතේ හා ඇසේ වන කෝකිල ගීතේ සෝක යාවී සිඳිලා වෙසඟ මේ පුන් පෝදා මා හිමි දිනූ ත්‍රෛලෝනා ශාන්ත මේ රෑ යාමේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා මේ රැයේ ගීත ගයාලා මේ රැයේ ගීත ගයාලා සුන්දර රඟ පාලා අති සෝබන මේ උයනේ අපි නැළවෙමු පෙම් දහරේ ශාන්ත මේ රෑ යාමේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා// ගායනය / සංගීතය / පදරචනය : පණ්ඩිත් ඩබ්. ඩි. අමරදේව

කෝකිලයන්ගේ කෝකිල නාදේ | kokilayange kokila nade

Image
කෝකිලයන්ගේ කෝකිල නාදේ// හීන හඬින් හීන වගේ එයි නැගී ජාති ජාති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිසිල් සුලං හමන්නේ සාමදාන සැඳෑ සුභා ඇදෙන්නේ අන්න අන්න ඉරත් මුහුදෙ ගිලෙන්නේ මගේ කුමාරී යාර තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ කෝකිලයන්ගේ කෝකිල නාදේ// හීන හඬින් හීන වගේ එයි නැගී සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ එපා එපා සඳේ නිකං තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව් ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ කෝකිලයන්ගේ කෝකිල නාදේ// හීන හඬින් හීන වගේ එයි නැගී සමන් මලක් නෙලා මගේ බිසෝගේ හිසේ ගසම් අන්න මගේ විනෝදේ එන්න අනේ එන්න මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙන්නෙමී මගේ කිරිල්ලී හඬින් සුමිහිරී ගයා නමාවී කෝකිලයන්ගේ කෝකිල නාදේ// හීන හඬින් හීන වගේ එයි නැගී බොහොම ඇතත් සුදෝ මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී මගේ අසෝකා මගේ විශාකා මගේ මල්ලිකා කෝකිලයන්ගේ කෝකිල නාදේ// හීන හඬින් හීන වගේ එයි නැගී පද රචනය :හියුබත් දිසානායක තනුව,සංගීතය,ගායනය :සුනිල් සාන්ත

මිහිකත නලවාලා මග මල් ගන්වාලා | Mihikatha nalawala maga mal ganwala

Image
මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ සුදු හෙළ සාරිය...ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා දිගු නිල් වරලස....පීරා නිසි ලෙස මල් දවටා බැඳලා ගෙල වට මුතු මාලේ.....දෝතේ වළලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ ඕලු නෙළුම් ඈ......නෙක මල් පිබිදී අහෝ විලේ සිරියා ජයම මලක් ඉන්....නෙලා ගනියි ඕ හා හා කුමටද ඒ බාල ලියේ ඔබගේ.....සුහදා හට වෙද ඒ සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතුදෝ මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ පද රචනය :හියුබත් දිසානායක තනුව,සංගීතය ,ගායනය :සුනිල් සාන්ත

කොළොම්තොට නැත මහළු වී | kolomthota natha mahalu wee

Image
කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හදමයි අදත් යව්වනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොදුරියේ කුඹ ගසක් උඩ නැවතිලා සිනා සළමින් සදේ ඇයි සරදම් බලන් කැඩපත සොදුරියේ පාට වත්සුණු දෙකොපුළෙන් පිසදා... කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හදමයි අදත් යව්වනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොදුරියේ පෙරුම් පුරමින් හමුවෙලා  උනුන් රහසින් බැන්ද ආදර පෙම්  බලන් කැඩපත සොදුරියේ කුමන අරුමද නර කෙසක්  නැගිලා  කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හදමයි අදත් යව්වනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොදුරියේ  ගායනය :පණ්ඩිත් අමරදේවයන්  පද රචනය : ලූෂන් බුලත්සිංහල සංගීතය :විශාරද ගුණදාස කපුගේ 

සිහින විජිතේ සරන්නේ සදා | Sihina wijithe saranne sada

Image
සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ ජීවිතේ...// හිමවතේ සිසිල ඔබයි සිතමී වනමලේ සුවඳ ඔබයි සිතමී සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ ජීවිතේ හැම දිනේ සිහින ලොවේ නොරැඳී හෙට දිනේ පියවි ලෙසින් හමුවී සෙනෙහසින් ලංවෙලා විමසමූ සිතින් යාවෙලා සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ ජීවිතේ ගායනය: ප්‍රියා සූරියසේන පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: ප්‍රියා සූරියසේන

දෑසේ මල් විලේ ආශා රොන් සැලේ | dase mal wile asha ron sale

Image
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ දැහි ආදරේ චේතනා නෙත් දැලේ ආශා විල් තෙරේ පායා රන් සදේ චායා පාවෙනා මේ සැන්ද යාමයේ... දෑසේ මල් විලේ ආශා රොන් සැලේ සන්සුන් නදී තෙරේ.. මේ මල් විමානයේ// ආරාධනා... රැව් දෙනා යාමයේ ආදරෙන් ලන්වෙමු දෑසේ මල් විලේ ආශා රොන් සැලේ දැහි ආදරේ චේතනා නෙත් දැලේ දෑසේ මල් විලේ ආශා රොන් සැලේ නිල්වන් වලා තලේ.. ඇතින් එහා ලොවේ// ගී ගායනා... විසිරිලා මේ රැයේ ආදරෙන් හිනේහෙමු  දෑසේ මල් විලේ ආශා රොන් සැලේ දැහි ආදරේ චේතනා නෙත් දැලේ ආශා විල් තෙරේ පායා රන් සදේ චායා පාවෙනා මේ සැන්ද යාමයේ... දෑසේ මල් විලේ ආශා රොන් සැලේ පද රචනය : කුළරත්න ආරියවංශ තනුව හා සංගීතය : සරත් ද අල්විස් ගායනය : විශාරද මාලනී බුලත්සිංහල සමඟ රෝහණ සිරිවර්ධන

අඩවන් දෑසින් පවසනු රහසින් - Adawan dasin pawasanu rahasin

Image
අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින්// පමා වෙවී හිඳිනට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි// සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා// මී විත උතුරා යයි උතුරා අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින්// අවුල් දුහුල් වල සිහිල් පහස් මැද රඟනා රංගන නොනවත්වනු මැන ඒ ගී හඬ මුළු ජීවිතයම සතු රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ.....// හෙට දින එය මිය යයි - මිය යයි අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින්// පද රචනය :මහගම සේකර සංගීතය :සෝමදාස ඇල්විටිගල ගායනය :ආචාර්ය වික්ටර් රත්නායක "වෙස් ගත්තෝ" චිත්‍රපටියෙන්

අඳුර අඳුර මගේ | andura andura mage

Image
අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මැනවි දා තනිකර එළියේ...// ඝණ රෑ කළුවර තනියම කුටියේ ගතකල දිවියේ රස තැන් සිහිවේ කුටියේ කෙලවර එළියක් දිස්වේ එළිය සොඳුර මගේ දිවියට ලංවේ අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මැනවි දා තනිකර එළියේ පෙම් එළි විහිදා නිවා දැමූ පසු දුන් නෙත් පීඩා දනිමී පෙරදා සදාකාලිකය අඳුරේ රැජිනිය ඔබ හැර යන්නට නොදේවී මගෙ සිත අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මැනවි දා තනිකර එළියේ...//// ගායනය / සංගීතය : ප්‍රියා සූරියසේන පද රචනය : ඒ.රෝහණ පෙරේරා

ආදර වියෝ දුකින් | adara wiyo dukin

Image
ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...// ඒ සොඳුරු විජිතේ ඈ සිහින කුමරී මා හා බැඳීලා දිවි මං තලේ ඒ දවස මා හා නෑ දැන් රැඳීලා මා ඉන්නෙ තනිවී රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසිය... // ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල් මා සනසවාලයි සිහිනෙන් පවා ඒ වේදනාවන් මා හදවතට මෙන් ඔබටත් දැනේදෝ රණ හංසියේ ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...//// ගායනාව : විජය බණ්ඩාර වැලිතුඩුව

හරි ආදරයෙන් මා ලඟ ඉන්න | hari adarayen ma langa inna

Image
හරි ආදරයෙන් මා ලඟ ඉන්න මට බැරි නෑ හිරිහැර විඳ ගන්න මට හිනා වෙන්න වීරිය දෙන්න අර ඉස්සර වාගෙම මට ඉන්න...// නුඹ නිතර සිඹින මේ ඉහ මතට ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම දුක දැනෙන  ඇඩෙන මේ ඇස් දෙකට ආදරෙයි කීවෙ ඇත්තට නොවෙද හරි ආදරයෙන් මා ලඟ ඉන්න මට බැරි නෑ හිරිහැර විඳ ගන්න මට හිනා වෙන්න වීරිය දෙන්න අර ඉස්සර වාගෙම මට ඉන්න දෙවිවරුන් පවා මියැදෙන බනක මට පුදුමත් නැහැ මගෙ මේ කඳුල නුඹ සුලඟ ඉතින් මා හැර යන්න ආදරයක දුක් මට උහුලන්න හරි ආදරයෙන් මා ලඟ ඉන්න මට බැරි නෑ හිරිහැර විඳ ගන්න මට හිනා වෙන්න වීරිය දෙන්න අර ඉස්සර වාගෙම මට ඉන්න ගායනාව : ලක්ෂ්මන් හේවාවිතාරණ

නින්ද නැති රැයේ - Ninda Nathi Raye

Image
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ... හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ... තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ.... වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ... තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ... ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ... හෙට උදේම අවදිවී යා යුතුව තිබේ... නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ... හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ... තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ.... වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ... ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ... කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ.. සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ.. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ... හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ... තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ.... වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා.. හැලේ ගායනාව   : ගුණදාස කපුගේ  පද රචනය් :රත්න ශ්‍රී විජේසිංහ  සංගිතය    : ගුණදාස කපුගේ

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී - Mage Hada Madala Mal Yahanaki Prabawathi

Image
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී... ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී... කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී.... මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී..... සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ.. මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ.. මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ.... මදෙස බල බලා නාඩන් කුමාරියේ... මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී... ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී... කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී.... මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී..... පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ.. මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ.. පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ... කරපු පවට නාඩන් දේවතාවියේ.. මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී... ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී... කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී.... මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී..... ගායනාව   : ගුණදාස කපුගේ 

දුක හාදු දෙන රැයේ - Duka Hadu Dena Raye

Image
දුක හාදු දෙන රැයේ.. හිත පතුලටම.. වෙලා.. යෞවනේ.. අගට විය විරහී හද ගිලන් වෙලා..// ගහ කොළද මල් පිපේ... ඇල දොල නිල කඩා හැලේ.. පෙර දා...ක මිරිගු සයුරේ.. ඒ රුවට රැවටුනේ... දුක හාදු දෙන රැයේ.. හිත පතුලටම.. වෙලා.. යෞවනේ.. අගට විය විරහී හද ගිලන්.. වෙලා.... නන්නාඳුනන ලෙසේ.. මග තොට යලිත් හමු වෙලා.. මහ මෙර හිසින් දරාගෙන.. අපි යමු දුරස් වෙලා... දුක හාදු දෙන රැයේ.. හිත පතුලටම.. වෙලා.. යෞවනේ.. අගට විය විරහී.. හද ගිලන් වෙලා....// දුක හා..දු දෙන රැයේ.. ගායනාව   : ගුණදාස කපුගේ  පද රචනය් :වසන්තා බණ්ඩාර දිසානායක  සංගිතය    : ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ - Dawasak Pala Nathi Hene

Image
දවසක් පැල නැති හේනේ.. අකාල මහ වැහි වැස්සා.. තුරුලේ හංගාගෙන මා.. ඔබ තෙමුනා අම්මේ... පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ..... නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිදකගේ සෙනෙහෙ ගියා.. යෝධ ඇලේ නැම්මේ... ඔබෙ සෙනෙහස සුවද දිදී.. දැනුනා මට අම්මේ......// කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ..... මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...// මං එන....තුරු ඉදි..කඩ ලග ඉන්නවාද..... අම්මේ... ගායනාව : ගුණදාස කපුගේ පද රචනය :රන්බණ්ඩා සෙනවිරත්න සංගිතය : ගුණදාස කපුගේ

මං මුලාවී පාර හොයාගෙන - Man Mulawee Para Asagena

Image
මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලාවූ සමනළියකගෙනි පාර අසා... තිබුනේ // ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය // පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලාවූ සමනළියකගෙනි පාර අසා... තිබුනේ අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි // අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලාවූ සමනළියකගෙනි පාර අසා... තිබුනේ// ගායනාව   : ගුණදාස කපුගේ  පද රචනය් :සුනිල් ආරියරත්න   සංගිතය    : ගුණදාස කපුගේ

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - Kawruth Ennathi Kawruth Dannathi

Image
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුණු මල් පාරේ දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ.... සඳකැන් බොදවුනු වලා කැදැල්ලේ.. තරුකැට අහුරක සිනා මෝදු කර කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපපයේ උදා නොවන සිහිනයක් දකින්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... සියොළඟ මිහිදුම් සළු අතුරාලා.. මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී.. උදා ලහිරු සේ මීදුම සඟවා.. නොකී රහස් දෙනයනට කියන්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුණු මල් පාරේ දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ.... හිනැහී වැලපෙමු අපි ආයේ.... හිනැහී වැලපෙමු අපි ආයේ.... හිනැහී වැලපෙමු අපි ආයේ.... හිනැහී වැලපෙමු අපි ආයේ.... ගායනාව : ගුණදාස කපුගේ පද රචනය් :සමන්අතාඋද හෙට්ටි සංගිතය : H.M ජයවර්දන

සඳ පහන් රැයේ - Sanda pahan raye

Image
සඳ පහන් රැයේ .. මේ.......... සඳ පහන් රැයේ.. උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා... සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ... අනේ...... මම රාත්‍රිය උනා.. නම්... මුව උඩින් පාත්වී හිඳී... සිනා.. මල් මිටක් වී පිපේවී.. අනේ.... මම රාත්‍රිය උනා... නම්... ළඟ ළඟම මා එතැයි සිතාලා... බිඳක්වත් දෑස හැර බැලී නම්... ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට අනේ.... මට ඔබව හිමි උනා... නම්.... ගිලන් වී.. ඔබ හිඳින වෙලාවේ ආදරයෙන් ළං වෙලා හිදීමී උරහිසේ හිස හොවා හඩන විට හාදු වැස්සක් වෙලා වැටේවි ...... සඳ පහන් රැයේ.. මේ.......... සඳ පහන් රැයේ... සදාකල් ළඟින් හිඳින්නම්.. මං නුඹව මලක් සේ රකින්නම් අනේ මං මලක් සේ රැදෙන්නම් ඔය හිතේ.... මට ඉඩක් තියේ... නම්... ආදරයෙන් ළං වෙලා හිදීමී හාදු වැස්සක් වෙලා වැටේවි  ගායනාව : ඉන්දිකා උපමාලි 

සුවද දෙන මල් වනේ - Suwada Dena Mal Wane

Image
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා... ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා.... සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා.. මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා.. ඈත තරකා දිහා නිල් නුවන් යොමා.. ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා... නෑ පලේ තැවී හඬා වේදනා දරා.. වේදනා දරා....... සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා... ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා.... සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා.. මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී.. කාලයේ රහස් වසා ජීවිතේ ගලයි.. මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි.. ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි... මා සිතේ නැගෙයි...... සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා... ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා.... සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා.. කඳුළු බිදු නිල් නුවන් පුරා........... රැදීලා.. ගායනාව : රූකාන්ත  ගුණතිලක  පද රචනය් :අජන්ත රණසිංහ  සංගිතය    : රෝහණ වීරසිංහ