වසන්තයේ මල් සුපිපුණ - Wasanthaye mal supipuna
වසන්තයේ මල් සුපිපුණ
සුන්දරතාවය ඉහිරුණ
හද මඬලට කවුදෝ ආවා
මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා
හස අන්ගනාවන් සේ සඳ දිය මැද කෙමියේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැළුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දෑස වසා
මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ
හිරු මැලවුන සැන්දෑවේ අඳුරට ගුලිවී
මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුළින් බොඳ කළ ඒ
අතීතයේ හීන පැළට
මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ
ගයනාව : ඉමාන් පෙරේරා
Comments
Post a Comment